Events of the month

<<  February 2015  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
        1
  2  3  4  5  6  7  8
  9101112131415
16171819202122
232425262728 

Story of the background image

Atacama Large Millimeter Array (ALMA)

Credit: ESO/C.Malin

ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති මෙම රේඩියෝ දුරේක්ෂ ජාලය තරකා විද්‍යා නිරීක්ෂණයේදී භාවිතාවන නිරෝධන මාන තාක්ෂණය උපයෝගී කරගණිමින් විවිධ වූ තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ සිදුකරයි.මෙම රූපයෙහි පෙනෙන පරිදි ඡායාරූපය ගෙන ඇත්තේ දිගු අනාවරන කාලයක් ලබාදී ඒ අතරතුර රතු පැහැති එලියක් එල්ල කරමිනි.එබැවින් මෙය රත් පැහැයක් ගෙන ඇත.තවද පසුබිමේ ක්ෂීරපථයද ඉහලින් කුඩා හා විශාල මැගලවලාවන්ද දැකිය හැකිය.

 

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

වෙස්ටා ත්‍රිමානව දකින්න - ඩෝව්න් යානය එවූ අළුත්ම ඡායාරූප
Written by Anuradha Jayathilaka   
Monday, 06 February 2012 13:07



වෙස්ටා ග්‍රහකයේ නවතම ත්‍රිමාන ඡායාරූප රැසක් නාසා ආයතනයේ ඩෝව්න් යානය විසින් පෘථිවිය වෙත එවීමට සමත් වී ඇත. ඔබේ රතු - සයන් ත්‍රිමාන කණ්නාඩි රැගෙන මේවා නරඹන්න.

ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ලබාගෙන ඇති මෙම ඡායාරූප මගින් වෙස්ටා ග්‍රහකයේ නැගෙනහිර ප්‍රදේශය පෙන්නුම් කරයි. ඡායාරූපය ලබාගන්නා විට යානය ග්‍රහකයේ සිට කි.මී. 5200ක් පමණ දුරින් පිහිටා  තිබිණි.

 



උතුරු ප්‍රදේශය, ඡායාරූප‍යේ ඉහල ප්‍රදේශයෙන් දැක්වෙන අතර එහි පැරණි ආවාට මත අළුත් ආවාට සෑදී ඇති ආකාරයක් දැකිය හැකි ය. එහෙත් දකුණු ප්‍රදේශයේ ආවාට අඩු ප්‍රමාණයක් දැකිය හැකි අතර "රිසිල්වියා" ආවාටය ඡායාරූපයේ පහළ වමට වන්නට පැහැදිලිව දැකගත හැකි ය.

දෙවන ඡායාරූපයේ දැක්වෙන්නෙ වෙස්ටා ග්‍රහකයේ ඇති "එවරස්ට්" ලෙස හඳුන්වන කන්ද යි. මෙය ග්‍රහකයේ දකුණු ප්‍රදේශයේ ඇති අතර එය සැබැවින්ම පෘථිවියේ ඇති එවරස්ට් කන්දට වඩා උසින් ඉතා අඩු ය.



අවසාන ඡායාරූපය මගින් දැක්වෙන්නේ වෙස්ටා හි "හිම මිනිසා" ලෙස හඳුන්වන ආවාට ත්‍රිත්ව යි. මෙම ආවාට ත්‍රිත්වය මිනුෂියා, මාර්සියා සහ කැල්පූර්නියා ලෙස නම් කර ඇත. ඒවායේ ප්‍රමාණයන් පිළිවෙලින් කි.මී. 24,53,63 වේ. මාර්සියා සහ කැල්පූර්නියා දෙබිඩි ග්‍රහකයක් නිසා ඇති වන්නට ඇති අතර මිනුෂියා පසුකලක ඇති වන්නට ඇත. ආවාට අවට සුමට බිමට හේතුව ආවාට වලින් නිකුත්වූ ද්‍රව්‍ය ය (ejecta blanket).



වෙස්ටා අප සෞරග්‍රමණ්ඩලයේ ඇති දෙවන විශාලතම ග්‍රහකය යි. අඟහරු සහ බ්‍රහස්පති අතර ඇති ග්‍රහක වලල්ලේ පිහිටා ඇති මෙය ප්‍රමාණයෙන් කි.මී. 530ක් පමණ වේ. වෙස්ටා වෙත ගිය ප්‍රථම යානය ඩෝව්න් යානය ය. මේ වසරේ ජුලි මාසයේදී ඩෝව්න් යානය වෙස්ටා අතහැර අප සෞරග්‍රමණ්ඩලයේ ඇති විශාලතම ග්‍රහකය වන සෙරස් වෙත ගමන්කිරීමට නියමිත ය.

Image Credit: NASA/JPL-Caltech/UCLA/MPS/DLR/IDA


 

Comments  

 
0 # 2012-02-06 17:44
Reply | Reply with quote | Quote
 
 
0 # 2012-02-06 22:13
:nod:
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh