User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

2005 න් පසු සිදුවන විශාලතම සූර්ය විකිරණ කුණාටුව
Written by Anuradha Jayathilaka   
Tuesday, 24 January 2012 00:32



මේ දිනවල සූර්යයාගේ කාලගුණ තත්වය දරුණු වී ඇති බව වාර්තා වේ. දැනටමත් පෘථිවි චුම්බක ක්ෂේත්‍රය දැඩි ලෙස Coronal Mass Ejection (CME) මගින් ප්‍රහාරයන්ට ලක්වන ‍අතර එය ඉදිරියේදී තවත් වැඩි වනු ඇත.

 

වාර්තාවන අන්දමට මෙය 2005 සැප්තැම්බරයෙන් පසු ඇති වන විශාලතම කුණාටුව යි. වේගවත් සූර්ය සුළං පෘථිවිය වෙත පැමිණෙන අතර 1402 ලෙස හඳුන්වන සූර්ය ලපයද පුපුරා යනු දක්නට ලැබිණි. මේ නිසා M9 පන්තියේ සූර්ය ගිණිදළුවක් ඇති විය.

සූර්යයාගේ සූර්ය ලප තුල ඇති වන මෙවන් පිපිරීම් නිසා මුදාහරින අරෝපිත අංශු තප්පරයකට කි.මී. 2200ක් පමණ වේගයෙන් පෘථිවිය වෙත පැමිනේ. මේවා නිසා පෘථිවියේ ජීවීන්ට කිසිඳු හානියක් සිදු ‍නොවේ. ඊට හේතුව වන්නේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රය නිසා මෙම අංශූන් පෘථිවිට තුලට නොපැමිණීමයි. නමුත් පෘථිවි වායුගෝලයෙන් පිට ඇති ඇතැම් චන්ද්‍රිකා සහ වෙනත් ‍යානා සඳහා හානි ඇති විය හැකි ය.

JavaScript is disabled!
To display this content, you need a JavaScript capable browser.


ඡායාරූපය - GOES චන්ද්‍රිකාව මගින් 2012 ජනවාරි 23 අන්තර්ජාතික වේලාවෙන්  14:12ට ලබාගන්නා ලද එක්ස් කිරණ ඡායාරූපයක් (Credit: NOAA)

 

Comments  

 
0 # anuththara 2012-01-24 10:01
Reply | Reply with quote | Quote
 
 
0 # ruwaniliyangolla 2012-01-30 19:12
Reply | Reply with quote | Quote
 
 
0 # Naqash 2012-12-26 18:10
Noted Thank you... :
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

Related Articles