Events of the month

<<  December 2014  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
  1  2  3  4  5  6  7
  8  91011121314
15161718192021
22232425262728
293031    

Story of the background image

Atacama Large Millimeter Array (ALMA)

Credit: ESO/C.Malin

ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති මෙම රේඩියෝ දුරේක්ෂ ජාලය තරකා විද්‍යා නිරීක්ෂණයේදී භාවිතාවන නිරෝධන මාන තාක්ෂණය උපයෝගී කරගණිමින් විවිධ වූ තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ සිදුකරයි.මෙම රූපයෙහි පෙනෙන පරිදි ඡායාරූපය ගෙන ඇත්තේ දිගු අනාවරන කාලයක් ලබාදී ඒ අතරතුර රතු පැහැති එලියක් එල්ල කරමිනි.එබැවින් මෙය රත් පැහැයක් ගෙන ඇත.තවද පසුබිමේ ක්ෂීරපථයද ඉහලින් කුඩා හා විශාල මැගලවලාවන්ද දැකිය හැකිය.

 

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

වෙස්ටාගේ අලුත්ම පින්තූර
Written by Kaushal Senanayaka   
Wednesday, 20 July 2011 12:59

This anaglyph image of the asteroid Vesta was taken on July 9, 2011 by the framing camera instrument aboard NASA's Dawn spacecraft. Image credit: NASA/JPL-Caltech/UCLA/MPS/DLR/IDA use 3d glass for see the 3d view

 

 

 

 

 

 

 

Dawn අභ්‍යවකාශ යානය වෙස්ටා වටා කක්ෂගත වීමෙන් පසු එවන ලද ප්‍රථම ඡායාරූප කට්ටලය පසුගියදා එවනු ලැබීය.මෙම ඡායාරූප මගින් වෙස්ටා ග්‍රහකය ඉතාමත් විස්තරාත්මකව හැදෑරීමේ අවකාශය විද්‍යාඥයන්ට උදා වී තිබේ.

Dawn යානය වෙස්ටා ග්‍රහකයට 16 000 කි.මී දුරින් කක්ෂගත වූ අතර ඉංජිනේරුවන් තක්සේරු කරන්නේ එය ජූලි 15 වන සිකුරාදා පස්වරු 10 ට PDT(ජූලි 16 වන සිකුරාදා පෙරවරු 1 ට EDT) සිදු වූ බවයි.

වෙස්ටා,530 කිමී විශ්කම්භයකින් යුත් ග්‍රහක වලල්ලේ දෙවන විශාලතම ග්‍රහවස්තුවයි(විශාලතම ග්‍රහකයයි.මීට පෙර සෙරස් විශාලතම ග්‍රහකය ලෙස සැලකුවද එය දැන් වාමන ග්‍රහලොවක් ලෙස සලකයි.)පෘතුවියේ සහ අභ්‍යවකාශයේ ස්ථානගත දුරේක්ෂ ආධාරයෙන් සියවස් දෙකක් තිස්සේ  වෙස්ටා ඡායාරූපගත කලද මෙතරම් පැහැදිලිව ග්‍රහකය ඡායාරූපගත කල පලමු අවස්ථාව මෙයයි.

 


This is the first image obtained by NASA's Dawn spacecraft after successfully entering orbit around Vesta. Image credit: NASA/JPL-Caltech/UCLA/MPS/DLR/IDA
මෙම මෙහෙයුම පිළිබඳ එම මෙහෙයුමේ ප්‍රධාන පර්යේෂකයෙකු වන ලොස් ඇන්ජලිස් හී කැලිෆෝනියා සරසවියේ ක්‍රිස්ටොපල් රසල් මහතා මෙසේ අදහස් දැක්වීය. "අපි, සෞරග්‍රහ මණ්ඩලයේ දැනට විද්‍යාමානව පවතින පැරණිතම ආදිකල්පික භූමිය වන වෙස්ටා මතුපිට අධ්‍යනය කරමින් පවතිනවා. අභ්‍යවකාශයේ මෙම ප්‍රදේශය බොහෝ කාලයක් තිස්සේ නොසලකා හැර පැවතුනා නමුත් දැන් යානය මගින් එවන ලද නවතම ඡායාරූප වලින් සහ එවීමට නියමිත දත්ත වලින් වෙස්ටා මතුපිට දක්නට ලැබෙන සංකීර්ණ ස්වභාවය යට සැඟවුනු එහි අතීතය අනාවරනයකර ගැනීමට හැකි වනු ඇති."

වෙස්ටා සහ එහි යැවුනු පෘතුවි සගයා මේ වන විට පෘතුවියේ සිට මිලියන 188 කි.මී ඈතින් සිටින අතර Dawn මෙහෙයුම් කණ්ඩායම එළඹෙන අගෝස්තු වලදි වෙස්ටා පිළිබඳ යානයෙන් ලැබෙන විද්‍යාත්මක දත්ත රැස් කිරීමට සූදානමින් සිටී.

his enhanced image, taken by the framing camera instrument aboard NASA's Dawn spacecraft on July 9, 2011, views the south polar region of this giant asteroid. Image credit: NASA/JPL-Caltech/UCLA/MPS/DLR/IDA

ආසන්න වශයෙන් වසර 4 (බිලියන 2.8 කි.මී දුරක් ගමන් කර ) ක ගමන් කාලයකින් පසු Dawn යානය විසින් අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට අභ්‍යවකාශ යානයක් අත් කරගන්නා ඉහලම ප්‍රචාලක ත්වරණය අත්කරගැනීමට නියමිතයි.මෙහිදී යානයේ අයන එන්ජිමේ අධාරයෙන් යානය තත්පරයට කිලෝමීටර 6.7 කටත් වඩා ඉහල ප්‍රවේගයක් ගනු ඇතැයි පර්යේශකයන් විශ්වාස කරයි.එන්ජිම අයන මුදාහැරීමෙන් ලබාදෙන තෙරපුම් බලය, යානය දැනට පවතින කිසිම තාක්ෂණ ක්‍රමවේදයකින් ලබාගත නොහැකි ප්‍රවේගයක් ලබා ගනු ඇත.

Dawn යානය මෙලෙස වසරක කාලයක් වෙස්ටා වටා කක්ෂගතව පැවතීමෙන් අනතුරුව එහි දෙවන ගමනාන්තය වන සෙරස් වාමන ග්‍රහලෝකය කරා ගමන් කර 2015 පෙබරවාරි මස එහි ලඟා වීමට නියමිතයි.

මෙම මෙහෙයුම සම්බන්ධ පෙර ලිපිය මෙතැනින්.

මෙම මෙහෙයුම සම්බන්ධ වැඩිදුර විස්තර මෙතැනින්..

 

 

Comments  

 
0 # 2011-07-20 21:21
මේ ග්‍රහකය ආසන්න රවුම් හැඩයක එකක් වගේ පේනේනෙ. දීර්ඝ කාලයක් චලනය වීම නිසා ග්‍රහ වස්තු ගෝලිය වෙනව වගේ තියරියක් හෙම තියෙනවද?
Reply | Reply with quote | Quote
 
 
0 # anuradha 2011-07-21 14:15
වෙස්ටා, සෙරස්, ප්ලූටෝ ඇතුළු වාමන ග්‍රහලෝක සියල්ලක්ම වගේ ආසන්න වශයෙන් ගෝලාකාරයි. මේවා ඇත්තෙන්ම ග්‍රහලෝකයක් ලෙස හෝ ග්‍රහකයක් වශයෙන් හඳුන්වන්නට බැරි වස්තු. ඒ නිසයි මේවා වාමන ග්‍රහලෝක ලෙස හඳුන්වන්නේ. ග්‍රහක හැරුණු කොට සෞරග්‍රහමණ්ඩලයේ සියළුම වස්තු වගේ ගෝලාකාරයි. මීට හේතුව දීර්ඝ කාලයක් භ්‍රමණය වීම තමා (ධූලි වලාවක් ලෙස). ඒත් ග්‍රහක වල හැඩය අක්‍රමවත්. ඊට හේතුව ග්‍රහක සැදීමට හේතුවුණු වාමන ග්‍රහලෝක එකිනෙක ඝට්ටනයෙන් හෝ වෙනත් වස්තු ගැටීම නිසා වාමන ග්‍රහලෝක කැඩී යාමෙන් ග්‍රහක ඇති වීම වෙන්න පුළුවන්. පෘථිවියක් අඟහරුත් අතර තිබුණු ග්‍රහලොවක් ගැටීමක් නිසා පුපුරා යාහෙන් ග්‍රහක වළල්ල ඇති වුනා යයි මතයකුත් තියනවා. එහෙම වුනා නම් ග්‍රහක වළල්ලේ තියන වාමන ග්‍රහ‍ලෝක සියල්ලක්ම වගේ එකම කාලයක නිර්මාණය වීම ආරම්භ වුනා වෙන්න පුළුවන්. නමුත් තනි ග්‍රහකයක් භ්‍රමණය වුනු පමණින්ම කාලයක් සමඟම ගෝලාකාර වෙන්න තියන ඉඩ අඩුයි.
Reply | Reply with quote | Quote
 
 
0 # 2011-07-21 09:31
maru...digatama liyanna...
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh