Events of the month

<<  September 2010  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3  4  5
  6  7  8  9101112
13141516171819
20212223242526
27282930   

Story of the background image

රොසෙටා නිහාරිකාවේ ධූලි පිළිම


Credit & Copyright: Ignacio de la Cueva Torregrosa

රොසෙටා නිහාරිකාවේ මෙම ධූලි පිළිම ඇතිවී ඇත්තේ කුමක් නිසා ද? රොසෙටා නිහාරිකාවේ මෙම ප්‍රදේශය NGC 2244 ලෙසද හැඳින්වේ. අසල ඇති විශාල තරු වල සුළං නිසා ඉන් ඉවත් වෙමින් පවතින මෙම ධූලි වලා අනාගතයේදී නව තරු සහ ග්‍රහලෝක තැනීමට මුල් වනු ඇත. මෙම ඡායාරූපය රතු පැහැයෙන් සල්ෆර් ද, කොළ පැහැයෙන් හයිඩ්‍රජන් ද, නිල් පැහැයෙන් ඔක්සිජන් ද නිරූපණය කරයි. රොසෙටා නිහාරිකාව ආ.ව. 50ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර පෘථිවියේ සිට ආ.ව. 4500ක් ඈතින් මොනෝසෙරස් රාශිය තුල පිහිටා ඇත.

We're on Twitter

තාරකාවක කතා පුවත
Written by Dileepa Rajapaksa   
Tuesday, 27 July 2010 20:45

රාත්‍රී අහස කෙතරම් මනස්කාන්තද ,ඒ රාත්‍රී අහස එතරම් මනස්කාන්ත වන්නේ තාරකාවන් නිසාය.තරකා වලටද අපවැනිම වූ ජිවිතයක් ඇත. නමුත් අපගේ ආයුකාලය සමඟ සසඳන විට තාරකාවල ආයුකාලය ඉතා  විශාලය.

සාමාන්‍යයෙන් තාරකාවක ආයුකාලය මනිනු ලබන්නේ අවුරුදු බිලියන,මිලියන ගනනින් වේ. එම තාරකාවන්ට  ඉපදීමක් මෙන්ම මරණයක්ද ඇත. එසේ නම් මේ විශ්මිතවූ තාරකා පිළිබඳ වූ කථා පුවත විමසාබලමු.

තාරකාවක් යනු කුමක්ද? සරලව කිවහොත් තාරකාවක් යනු ශක්තිය පිටකරමින් රසායනික ප්‍රතික්‍රියා සිදුකරන ස්වයංදිදුලීමක් ඇති ආකාශ වස්තුවකි.තවද තාරකාවක් ඉතා විශාලන් අතර ස්කන්ධයෙන් ටොන්කෝටිගනනින් යුක්ත වේ.අපගේ සූර්යයාද එවැනිම තාරකාවක් බව ඔබදනී.සූර්යයා මෙන් සිය දහස් ගනනින් විශාලවූද කුඩාවූද තාරකා අප ක්ෂීරපථ මන්දාකිණියේ ඇත. තාරකා ඉතා විශාල ප්‍රමාණයක් අප ක්ෂීරපථයේ ඇති නමුත් සෑම තාරකාවක්ම නම්කල නොහැකිය.වඩාත් දීප්තිමත් හා විශාලවූත් තාරකා බොහෝමයක් නාමකරණය කර ඇත. උෂ්ණත්වය,ස්කන්ධය,අරය,ඝනත්වය,වර්ණාවලිය,නිරපේක්ෂ දෘශ්‍ය විශාලත්වය,දීප්තිය යනු තාරකාවක් වර්ගීකරණය කිරීමේදී භාවිතයට ගන්නා මාන කීපයකි. මෙම මානයන් උපයෝගී කරගනිමින් තාරකාවල ස්භාවය පිළිබඳත් තාරකාවල පරිණාමය වන අයුරුත් ගණිතමය මූලධර්ම පදනම් කොටගෙන විස්තර කීරීමට තාරකාවිද්‍යාඥයින්ට හැකිය. තාරකාවක් පරිණාමය පිළිබඳ හැදෑරීමේදී වැදගත්වන බල දෙකක් ඇත එනම්, අභ්‍යන්තරයට යෙදෙන ගුරුත්වබලය නිසා තාරකාව සංකෝචනය වන බවත් එමෙන්ම අභ්‍යන්තරයෙන් පිටතට ඇතිවන පීඩනය නිසා තාරකාව ප්‍රසාරණයවීම යන කරුනත් වේ. එසේ තාරකාවේ පරිණාමය සිදුවීම පිළිබඳ අප විස්තරාත්මකව  විමසාබලමු.

තාරකාවක් සිය ජීවිතය අරඹන්නේ දැවැන්ත දූවිලි වලාවක් සංකොචනය වී කැටිගැසීමෙන් බව ඔබ ඇතැම්විට අසා ඇත. එම වායුවලා හඳුන්වනේ අන්තර්තාරීය මාධ්‍ය (Interstellar medium) ලෙසයි. මෙම වායුවලාව අණුකවලාව ලෙසද හදුන්වයි. මෙම අණුක වලාවේ අඩංගුව ඇත්තේ හයිඩ්‍රජන්,හීලියම් සහ සුළුවශයෙන් නයිට්‍රජන්,ඔක්සිජන් ,කාබන් ,කැල්සියම්,සෝඩියම් යන පරමාණුද යකඩ සහ සිලිකේට් යන මූලද්‍රව්‍යයන්ද වේ. මෙම දුහුවිලි වායුවලාව මුල් අවදියේ ඉතාමත් ශීතලව පවතී පසුව  එම වායුවලාව හැකිලීමේදී වලාවේ අඩංගු අංශු ගුරුත්ව කේන්ද්‍රය දෙසට ආකර්ෂණය වීමේදී එහි උෂ්ණත්වය ඉතා සීඝ්‍රයෙන්  ඉහල යයි. එම එම උෂ්ණත්වය කෙල්වීන් (K) 150 000 පමණ අගයක් ගනී. මෙලෙස ලංවන දුහුවුලි අංශුවල අන්තර්ක්‍රියා හේතු කොටගෙන එම ප්‍රදේශය දීප්තිමත් බැබලීමකට පටන්ගනී. එම අවධියේදී තාරකාවක ප්‍රාග් අවස්ථාව හෙවත් ප්‍රාග් තාරකාව (Proto star) ලෙස හදුන්වයි. මෙම ප්‍රාග් තාරකාව අලුතින් ඇතිවූ තාරකාවක් ලෙස දෘෂ්‍යමාන වේ. එහිදී ප්‍රග්තාරකාවේ දීප්තිය සූර්යයාගේ දීප්තිය ඉක්මවායයි. ප්‍රාග් තාරකාවේ න්‍යෂ්ටියේ අඩංගු පරමාණු එකිනෙක ගැටී ප්‍රතික්‍රියා සිදුවීම ඇරඹෙන තෙක් මෙම ප්‍රාග් තාරකාව සංකෝචනය වීම සිදුවේ.මෙම කාලය තුලදී එහි මතුපිට උෂ්ණත්වය නොවෙනස්ව පවතී න්‍යෂ්ටියේ ඇති පරමාණු එකිනෙක ගැටී න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව ඇතිවන්නේ කෙල්වීන් (K) 15 000 000 ක් පමණ  උෂ්ණත්වයක් ඇතිවන තරම් වූ ප්‍රවේගයකින් ප්‍රාග්තාරකාවේ අංශු එකරාශී වන විටය. මෙහිදී තාරකාවේ ගුරුත්වීය සංකොචනය කෙමෙන් අඩුවේ. මෙහි ලිතියම්,බෙරලියම් හා බෝරෝන්  යන මූලද්‍රව්‍යයන් ප්‍රොටෝන සමඟ ප්‍රතික්‍රියාවට නැගේ. මෙහිදී ප්‍රතිඵලයක් ලෙස හීලියම් සෑදේ තවද ,හයිඩ්‍රජන් දහනය ඇරඹේ. මෙසේ සිදු වීම හේතුවෙන්  විශාල ශක්තියක් අවකාශයට මුදාහරී. පසුව මෙම හීලියම්,කාබන්,ඔක්සිජන්,ආදිය වෙන වෙනම මූලද්‍රව්‍ය බවට පත්වේ. මෙම ප්‍රතික්‍රියා ඉතා දීර්ඝ කාලයක්  සිදුව්මින් පවතී. මෙසේ ප්‍රතික්‍රියා වීම  නිසා ප්‍රතික්‍රියාවන්ට  ප්‍රතික්‍රියක කිසිවක් ඉතිරි නොවන අවධියක් උදාවේ. මෙහිදී තාරකාව බිඳවැටීමට පටන් ගනී. මෙහිදී තාරකාව සිසිල්වන අතර  තාරකාව රතු පැහැයට හුරුවේ.දැන්තාරකාවේ කබොල නැතහොත් පිට කවරය ප්‍රසාරණයවී රතු යෝධ තරුවක්  බවට පත්වේ. මෙහිදී සමහරක් තරු එනම් ස්කන්ධාධික  තරු සුපිරිනෝවා ආකාරයට පුපුරායයි.   අවසානයේ ප්‍රථිපලයක් වශයෙන් ඉතිරිවන හරය දැවැන්ත එකක් නම් එය අධික ගුරුත්ව බලයකින් යුත් කළුකුහරයක් බවට (Black hole) පත්විය හැකිය.තාරකාවක පරිණාමය ඉතාකෙටියෙන් කිවහොත් එසේය.

 

තාරකාවක් පරිණාමය වන හැටි

තාරකාවක් තම ජීවිතය අරඹන්නේ අණුකවලාවක් කැටිවීමෙන් බව  ඉහතදී සඳහන්කරන ලදී එවැනි අණුකවලා ඉතා විශාල සංඛයාවක් අප ක්ෂීරපථයේ ඇත. එවැනි මාධ්‍යයන් ආලෝකවර්ෂ විශාල ගණනාවක් විශාලය. රාත්‍රී අහසේ දැකිය හැකි ඔරායන් නිහාරිකාව (M42)යනු මෙවැනි මාධ්‍යයකි. ඔරායන් නිහාරිකාවේ අලුත උපන් තාරකා මෙන්ම ඉපදෙන තාරකාද බොහෝ ඇත. ඉහතදී සඳහන් කළ ප්‍රාග් තාරකා ඇතිවන්නේ මෙවැනිම වූ මාධ්‍යයන් කැලඹීමට  ලක්වීමෙනි. මෙම ප්‍රාග් තාරකාවහි අභ්‍යන්තර උෂ්ණත්වය 10000℃ පමණ වන තෙක් ප්‍රාථමික තාරකා වක් ලෙස හඳුන්වයි. මෙම අවධියේ සිටින තාරකාවල  විශේෂත්වය වන්නේ තාරකාව වටා අණුක වලාව පිහිටා තිබීමයි. එවැනි තාරකා නිරීක්ෂණය කර දැක බලා ගැනීම ඉතා පහසුය. නමුදු මෙම ලාබාල  තාරකාව තරුණ අවධියට පාතබන විට එය ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරේ. එහිදී තාරකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දහස් ගණනින් ඉහල යයි.එම හේතුවෙන් සිදුවන ප්‍රතික්‍රියා නිසා තරුවේ සිට ඉතා විශාල ශක්තියක් මුදා හරී, මෙම ශක්තිය හේතුකොට ගෙන  තාරකාව අවට ඇති වාත කැළඹීමට ලක්වී සුළංධාරාවක් හැමීමට පටන් ගනී.එහෙයින් තාරකාව වටා ඇති අණුක දූලිවලාව තරුවේ සිට ඈතට විසිරීයයි. මෙහිදී මතක් කලයුතු විශේෂ කරුණක් වන්නේ අප සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේද මේ ආකාරයටමය. එහිදී මුල්වී ඇත්තේ ඌට් නම් වලාවයි, මෙම ඌට් වලාව එකී ක්‍රියාදාමය නිසා ආලෝක වර්ෂ 1.5 පමණ ඈතට විහිදී ගොස් ඇත.එහිදී තාරකාව සමඟ පැවතුන වලාවේ ශේෂ කොටස් ග්‍රහලෝක බවට පත්වේ.එම ග්‍රහලෝක තාරකාව වටා ගමන්ගනී මෙහිදී එකිනෙකා අතර ගුරුත්ව බලය බලපායි. මෙසේ තාරකාව වටා ග්‍රහලෝක ගමන් ගන්න දුහුවිලි තැටිය ප්‍රාග් තැටිය ලෙස හදුන්වයි. ඔරායන් නිහාරිකාවේ මේවනවිට මෙවැනි ප්‍රාග් තාරකා 150 කට අධික ප්‍රමාණයක් සොයාගෙන  ඇත. මෙම ප්‍රාග් තාරකාව වටා ප්‍රාග් තැටි පවතින බවට විද්‍යාඥයින් තුල සැකයක් පවතී. ප්‍රාග් තැටියේ අභ්‍යන්තරය ගැන කතා කලහොත් 99% පමණ වායූන් හා 1% පමණ දුහුවිලි අංශු අඩංගුවේ.

මෙම අවථාවේදී ප්‍රාග් තාරකාව තරුණ අවධියකට පාතබයි. අපගේ සූර්යයාද තරුණ අවධියේ පසුවෙන තාරකාවකි.මෙම තරුණ අවධියේ තාරකාව හයිඩ්‍රජන් සියල්ල දහනය වීම අවසන් වන තෙක් වසර බිලියන ගනණාවක් පවතී. මෙම කාලයේදී තරුව උපරිම ශක්තියක් නිපදවයි. මෙහිදී තාරකාව සතුව පවතින හයිඩ්‍රජන් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවට ලක්වී හීලියම් බවට පරිවර්තනය කරයි. මේ හේතු කොටගෙන දීප්තිමත් වූ තාරකාවක් බවට පත්වේ. හට්ස් ස්ප්‍රන්ග් රසල් (Hertz spang Russell -HR) නමින් හදුන්වන තාරකා වර්ගීකරණ ප්‍රස්ථාරයේ ප්‍රධාන අනුක්‍රමණයේ මෙම තරුණ අවධියේ තාරකා නිරූපනය කරයි. මෙම  ප්‍රස්ථාරයට අනුව තාරකාවක් ඇතුලත් කරන්නේ එම අදාල තරුවේ වර්ගය,උෂ්ණත්වය, දෘෂ්‍ය  දීප්තිතාවය, නිරපේක්ෂ දීප්තිය හා වර්ණාවලිය යන සාධක පදනම් කොටගෙනය. ඉහතදී කී කරුණු පිළිබඳව පහත HR සටහන අධ්‍යනයෙන්  වටහා ගත හැකිය.

ස්ප්‍රන්ග් රසල් (Hertz spang Russell -HR) සටහන

මෙම ප්‍රස්ථාරයේ ප්‍රධාන අනූක්‍රමණයේ මධ්‍ය කොටසට වන්නට අපගේ සූර්යයා පිහිටා ඇතිබව ඔබට පෙනේ . එයින් පැහැදිලිවන්නේ  අප සූර්යයා මේවනවිට තරුණ අවධියේ පසුවන බවයි. තවද අප සූර්යයා අවුරුදු බිලියන 10 තරම්  කාලයක් මෙම ප්‍රධාන අනුක්‍රමණයේ ගතකරයි .මෙම තරුණ තාරකාව තම ශක්තිය පිට කරමින් හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව බිද වැටුන පසු තාරකාව ක්‍රමයෙන් අභාවයට පත්වේ. එහිදී ඉහත HR සටහනේ ප්‍රධාන අනුක්‍රමණයෙන් තාරකාව ඉවත්වෙයි. ඒබව ඉහත රූපයෙන් පහදා ගත හැකිය. පසුව තාරකාවේ ඉරණම තීරණය කරන්නේ තාරකාවේ ස්කන්ධය මතය.

අප සූර්යයා ගේ ස්කන්ධයට සමාන තරකා තම තරුණ අවධියෙන් පසු රතුයෝධ තාරකාවක් බවට පරිණාමය වෙයි. එහිදී තාරකාවේ බාහිර කබොල අධික ලෙස ප්‍රසාරණය වේ. ඒ අයුරින්ම අප සූර්යයාද යම් දිනක ප්‍රසාරණය වී පිපුරුමකට ලක්වනු ඇත. මෙම පිපුරුණ කබොලේ කොටස් විශ්වයට විසීරීයයි. මෙම බාහිර කබොල්ල ග්‍රහනිහාරිකාවක්(Nebula) බවට පත්වෙයි. මෙම ග්‍රහ නිහාරිකාව මධ්‍යයේ ඇති කුඩා තරුව සුදුවාමාන  තාරකාවක් (White dwarf) බවට පත්වේ. බලල් ඇස නිහාරිකාව(Cat eye nebula), හෙලික්ස්නිහාරිකාව (Helix Nebula) යනු එවැනි ග්‍රහනිහාරිකා කීපයකි.

හෙලික්ස්නිහාරිකාව (Helix Nebula)

එසේම අප සූර්යයා ගේ ස්කන්ධයට අඩු එනම් සූර්යයාගේ ස්කන්ධය මෙන් අඩක් පමණ වන තාරකා තරුණ අවධියෙන් පසු කළුහෝ දුඹුරුවාමාන තාරකාවක් බවට පත්වී තාරකවේ ජීවිතය අවසන් කරයි.

අප සූර්යයාට වඩා ස්කන්ධාදික තරු තම තරුණ අවධිය පසුකර සුපිරි රතු යෝධ තාරකාවක් බවට පත්වේ(Red giant star) මෙම අවස්ථාවේදී තාරකාවක් සූර්යයාට සමාන ස්කන්ධයක් ඇති තාරකාවකට වඩා වැඩි ප්‍රමාණයකින් ප්‍රසාරණයවේ. එහිදී සිදුවන පුපුරායාම සුපිරිනෝවා පිපුරුමක් (Supernova) ලෙස හදුන්වන අතර එහිදී  ඉතාවිශාල ශක්තියක් විශ්වයට මුදාහරී. වෘෂභ රාශියේ පවතින ක්‍රැබ් නිහාරිකාව (Crab nebula) මෙවැනි සුපිරිනෝවා පිපුරුමකට හොදම නිදසුනකි. එහිදී එම තාරකාවේ ශේෂ කොටස් නියුට්‍රෝන තාරකාවක් (Neutron Star) බවට හෝ ගුරුත්වය අධික කළුකුහරයක් බවට පත්වේ.එනම්,සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයකට ආසන්න හෝ ඊට වැඩි තාරකා කළුකුහර බවටත්,සූර්යයාගේ ස්කන්ධය මෙන් 1.4 ත් 3 අතර තාරකා නියුට්‍රෝන තාරකා බවටත් පත් වේ.

 

Comments  

 
# hasithadn 2010-07-27 23:18
තාරකා වල ග්‍රහලෝක වල ගුරුත්ව බලය හටගන්නෙ කෙහෙමද?
Reply | Reply with quote | Quote
 
 
# Dileepa 2010-07-28 06:04
ඇත්තෙන්ම ගුරුත්වාකර්ෂණ බලය ඇතිවන අයුරු ගැන තවම පැහැදිලිව දැක්වීමට විද්‍යාඥයින් සමත්වීනැත.නමුත් අප දන්නා පරිදි ගුරුත්වාකෂණ බලය හට ගන්නේ කිසියම් වස්තු දෙකක් අතර හෝ ඊට වැඩි ගනනක් මත ක්‍රියාකරන ස්කන්ධය හා එම වස්තූන් අතර ඇති දුර ප්‍රමාණමතයි. අයිසෙක්ට් නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්ව නියමයට අනුව විශ්වයේ පවතින ඕනෑම වස්තුදෙකක් අතර ඇති ගුරුත්ව බලය ඒවායේ ස්කන්ධ අතර ගුණිතයට අනුලෝමව සමානුපාතිකවන අතර ඒවායේ අතර ඇති දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකබවයි.(F∝m1m2)
Reply | Reply with quote | Quote
 
 
# Namila 2010-07-29 23:27
nuetrona haa sudu thaarakawak unoth mokada wenne?? :-* :-|
black hole ekak unoth gravity eka wadi hinda light ekakwath yanna baneda
Reply | Reply with quote | Quote
 
 
# Dileepa 2010-08-01 21:24
ඔව් ඇත්තතෙන්ම කළු කුහරයක් යනු ඉතාමත් ගුරුත්වය වැඩි ප්‍රභවයක් කීවොත් නිවැරදී. මේ අයුරින් කිසිම ප්‍රභවයකට ගැලවී යා නොහැකි ප්‍රදේශය කළු කුහරයේ ක්ෂිතිජ (Event horizon) සීමාව නමින් හදුන්වනවා. නියුට්‍රෝන තාරකා පිළිබඳ සරලව දැන ගැනීමට මෙම ලිපිය බලන්න bit.ly/auRJAi
(කළුකුහර හා නියුට්‍රෝන තාරකා පිළිබන්ඳ සවිස්තරාත්මක ලිපියක් ලඟදීම බලාපෝරොත්තුවන්න )
Reply | Reply with quote | Quote
 
 
# Namila 2010-08-02 09:23
Quoting Dileepa:
ඔව් ඇත්තතෙන්ම කළු කුහරයක් යනු ඉතාමත් ගුරුත්වය වැඩි ප්‍රභවයක් කීවොත් නිවැරදී. මේ අයුරින් කිසිම ප්‍රභවයකට ගැලවී යා නොහැකි ප්‍රදේශය කළු කුහරයේ ක්ෂිතිජ (Event horizon) සීමාව නමින් හදුන්වනවා. නියුට්‍රෝන තාරකා පිළිබඳ සරලව දැන ගැනීමට මෙම ලිපිය බලන්න bit.ly/auRJAi
(කළුකුහර හා නියුට්‍රෝන තාරකා පිළිබන්ඳ සවිස්තරාත්මක ලිපියක් ලඟදීම බලාපෝරොත්තුවන්න )

:lol: එල එල..ලගදිම දාන්න
Reply | Reply with quote | Quote
 
 
# Thanu 2010-07-31 13:16
Keep It Up Brother !!!
Reply | Reply with quote | Quote
 
 
# Namila 2010-08-02 09:25
Planet Mars will be the brightest in the night sky starting August. It will look as large as the full moon to the naked eye. This will cultivate on Aug. 27 when Mars comes within 34.65M miles off earth. Be sure to watch the sky on Aug. 27 12:30 am. It will look like the earth has 2 moons.

NEWS :o attada danne nee
Reply | Reply with quote | Quote
 
 
# anuradha 2010-08-02 17:11
people get tat email every year. Don't believe it its a fake. Mars will never appear as large as the moon and it will never be the brightest object in the sky. Please read this science.nasa.gov/.../...
Reply | Reply with quote | Quote
 
 
# hasithadn 2010-08-02 21:53 Reply | Reply with quote | Quote
 
 
# hasithadn 2010-08-02 21:57
ඉලිප්සාකාර කක්ෂ ඇති එවැනි විශාල ග‍්‍රහ ලෝක සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර සීමාවට සමාන දුරක පිහිටා ඇත.මේ අනුව ඔප්පු වන ප‍්‍රධාන කරුණ වනුයේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ න්‍යාය විශ්වයේ ඕනෑම තැනකට ගැළපෙන න්‍යායක් නොවන බැව්ය. වංශරත්න මහතා ප‍්‍රකාශ කරන්නේ ද එයම ය. එසේ ප‍්‍රකාශ කරන්නේ ගුරුත්වාකර්ෂණ සමීකරණය හා එම නියතය ද සාවද්‍ය බැව් පෙන්වමිනි.
Reply | Reply with quote | Quote
 
 
# Ishara 2010-08-04 07:47
කලු කුහර දකින්න බැරිනම් කොහොමද ඒව තියනවා කියලා දන්නෙ?
Reply | Reply with quote | Quote
 
 
# anuradha 2010-08-04 09:16
හැම කළු කුහරයක්ම හොයාගන්න බැහැ. කළු කුහරයක් විසින් අසල ඇති තරුවක පදාර්ථ ඇදගන්නකොට කළු කුහරයෙන් එක්ස් කිරණ පිටවෙනවා. මේවා නිරීක්ෂණයෙන් අපිට කළු කුහර හොයාගන්න පුළුවන්.අනික් ක්‍රමය gravitational lens. මේ ගැන skylk ලිපි සහ පොඩ්කාස්ට් වැඩසටහන් ගොඩක් ඇති. (සර්ච් කරල බලන්න) මීට අමතරව ද්ව්ත්ව තරු පද්ධතියක තරුවක් අදෘෂ්‍යමාණ සහයක තරුවක් සමග භ්‍රමණය වන බවට සැක කරනවා නම් ඒ අනික් තරුව කළු කුහරයක් බවට සැක කල හැකියි.
Reply | Reply with quote | Quote
 
 
# Dileepa 2010-08-04 11:45
Quoting anuradha:
හැම කළු කුහරයක්ම හොයාගන්න බැහැ. කළු කුහරයක් විසින් අසල ඇති තරුවක පදාර්ථ ඇදගන්නකොට කළු කුහරයෙන් එක්ස් කිරණ පිටවෙනවා. මේවා නිරීක්ෂණයෙන් අපිට කළු කුහර හොයාගන්න පුළුවන්.අනික් ක්‍රමය gravitational lens. මේ ගැන skylk ලිපි සහ පොඩ්කාස්ට් වැඩසටහන් ගොඩක් ඇති. (සර්ච් කරල බලන්න) මීට අමතරව ද්ව්ත්ව තරු පද්ධතියක තරුවක් අදෘෂ්‍යමාණ සහයක තරුවක් සමග භ්‍රමණය වන බවට සැක කරනවා නම් ඒ අනික් තරුව කළු කුහරයක් බවට සැක කල හැකියි.
තව දුරටත් මා මෙසේ කොටස් එක් කරන්නම්. කළු කුහර යනු ඉතා අදික ගුරුත්ව කේෂ්ත්‍රයක් ඇති ප්‍රභවයක් බව ඉහත සඳහන් කරන ලදී.ඇත්තෙන්ම පෘථිවියේ සිට හෝ කෙලින්ම පියවී ඇසට කළුකුහර දැක ගැනීම අපහසුයි කලු කුහර පිළිබඳ සංකල්පය ගොඩ නැගෙන්නේ කලු කුහරයේ වටා ඇති පදාර්ථයේ ඇතිවන ඇතැම් සංසිද්ධීන් එනම් ඒ අවට පදාර්ථයේ ඇති වායු සහ ධූවිලි අංශූන් අධික ගුරුත්වය හමුවේ ඉතාවේගයෙන් භ්‍රමණය වීමට පටන් ගනී ඒ හේතුවෙන් එම වායු සහ ධුවිලි අංශුන් අධික ශක්තියක් මුදා හරී ඒම ශක්තීන් හේතුවෙන් දැඩි උෂ්ණත්වයක් හට ගනී,එම උෂ්ණත්වය ප්‍රශෂ්ත මට්ටමකට පැමිණිය පසු ඒමගින් Xකිරණ හටගනී එම Xකිරණ වලින් කොටසක් දැඩි ගුරුත්වයක් ඇති ප්‍රදේෂයට ඇද ගනී එවිට එම කොටස අදුරුවට දෘශ්‍ය මාන වේ.මේම සංසිදීන් Xකිරන නිරීක්ෂණය කරන අභ්‍යාවකාශයේ රදවා ඇති දුරේක්ෂවලට ඉතා හොදින් දැක ගත හැක.Xකිරණ කළු කුහර සොයා ගැනීමට ඉතා හොඳ ශාක්ෂියක් වනු ඇත.(උදාහරණ වශ්යෙන් Cygnus X-1)
Reply | Reply with quote | Quote
 

Add comment


Related Articles