Events of the month

<<  September 2010  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3  4  5
  6  7  8  9101112
13141516171819
20212223242526
27282930   

Story of the background image

රොසෙටා නිහාරිකාවේ ධූලි පිළිම


Credit & Copyright: Ignacio de la Cueva Torregrosa

රොසෙටා නිහාරිකාවේ මෙම ධූලි පිළිම ඇතිවී ඇත්තේ කුමක් නිසා ද? රොසෙටා නිහාරිකාවේ මෙම ප්‍රදේශය NGC 2244 ලෙසද හැඳින්වේ. අසල ඇති විශාල තරු වල සුළං නිසා ඉන් ඉවත් වෙමින් පවතින මෙම ධූලි වලා අනාගතයේදී නව තරු සහ ග්‍රහලෝක තැනීමට මුල් වනු ඇත. මෙම ඡායාරූපය රතු පැහැයෙන් සල්ෆර් ද, කොළ පැහැයෙන් හයිඩ්‍රජන් ද, නිල් පැහැයෙන් ඔක්සිජන් ද නිරූපණය කරයි. රොසෙටා නිහාරිකාව ආ.ව. 50ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර පෘථිවියේ සිට ආ.ව. 4500ක් ඈතින් මොනෝසෙරස් රාශිය තුල පිහිටා ඇත.

We're on Twitter

ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම
Written by Anuradha Jayathilaka   
Wednesday, 30 June 2010 12:26

පසුගිය 2009 මාර්තු මාසයේ අභ්‍යවකාශගතකරන ලද GOCE චන්ද්‍රිකාව විසින් වසරක් ඇතුලත පෘථිවියේ ගුරුත්වාකර්ශණය සම්පූර්ණයෙන්ම සිතියම් ගත කිරීමට සමත් වී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ පෘථීවි ගුරුත්ව සිතියමක් HD ආකාරයෙන් නිර්මාණය වූ ප්‍රථම අවස්ථාව වීමයි.

GOCE යන්නෙහි අර්ථය Gravity field and steady-state Ocean Circulation Explorer යන්නයි.

 

මෙම චන්ද්‍රිකාවේ ප්‍රධාන කාර්ය වන්නේ පෘථිවි ගුරුත්වයේ වෙනස්කම් පිළිබදව ත්‍රිමාණව නිරීක්ෂණය කිරීමයි. ඒ අනුව පෘථිවිය සම්පූර්ණයෙන්ම මුහුදකින් වැසී පවතීනම් එක් එක් ස්ථාන අනුව මුහුදු මට්ටමේ ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳව මින් අවබෝධ කරගත හැකි ය. මෙ‍ම කරුණු දේශගුණ විපර්යාස වලදී මුහුදේ ගලා යාම් සහ මුහුදු මට්ටම වෙනස් වීම් ආදිය පිලිබඳව අදහසක් ලබාගැනීමට උදව් වේ. ‍

ඊසා ඇසුරිණි

 

Comments  

 
# Dasun Sameera 2010-06-30 14:59
ලංකාව පිහිටා තියෙන්නේ ගොඩක් අඩු ගුරුත්වාකර්ෂණ කලාපයක වගේ :) මේකේ මොනව හරි විශේෂත්වයක් තියෙනව වෙන්න බැරිද?

උදාහරණයක් විදියට සංචාරක පක්ෂීන් ලංකාවට ඒමට මේ වගේ දේකින් බලපෑමක් ඇති වෙන්න පුලුවන්ද? අදහසක් පමණයි!
Reply | Reply with quote | Quote
 
 
# anuradha 2010-06-30 19:42
සමහර විට වෙන්න පුළුවන්. සෑම සතෙකුටම චුම්බක උතුර ගැන අවබෝධයක් මාලිමාවක් නැතුව හොයාගන්න පුළුවන් වගේ සමහර විට කුරුල්ලන්ට මේහරියෙ ගුරුත්වාකර්ෂනය අඩුයි කියල දැනෙනව ඇති.
Reply | Reply with quote | Quote
 
 
# Saman Rathnayake 2010-06-30 18:45
මේ විදිහට බලද්දි, (පඩියක් දමන තරාදි නැතුව ) දුනු තරාදියකින් හරි එලෙක්ට්‍රොනික් තරාදියකින් හරි මැන්නහම සීනි කිලෝ එකකට අල්ලන සීනි ඇට ප්‍රමාණය වෙන රටකට වඩා ලංකාවේ වැඩියි නේද...හඳ පායන දවස් වලට තවත් වැඩි වෙනවා.....:P
වැඩි විස්තර සඳහා...
news.bbc.co.uk/.../8767763.stm
Reply | Reply with quote | Quote
 
 
# anuradha 2010-06-30 20:04
ඔව් බර වැඩි අය ලංකාවට ආවොත් බර ටිකක් අඩු කරගන්න පුළුවං. හැබැයි මේක ඉතාමත් සුළු ප්‍රමාණයක්. හඳ පායන දවස් වලට මුහුදු මට්ටම ඉහල ගියාට ඒක මේකට කිසිම සම්බන්ධයක් නෑ. චන්ද්‍රිකාවෙන් මැනෙන්නේ සුළං, වඩදිය බාදිය නැති අවස්ථාවේ මුහුදු මට්ටමේ වෙනස.(Steady-State Ocean Circulation Explorer)
Reply | Reply with quote | Quote
 
 
# SL 2010-06-30 22:12
I read in one of Sir AC Clarke's SciFi-Novel that the point where the gravity is lowest is located off the cost of Unawatuna.
Reply | Reply with quote | Quote
 
 
# Saman Rathnayake 2010-07-01 11:10
හනුමන්තා හිමාලෙන් කොටසක් උස්සගන එද්දී රූමස්සලටත් වැටුනා කියනවා නේද කෑල්ලක්......ඒ හරියෙන් යද්දී ගුරුත්වාකර්ෂණය අඩු නිසා වේගය පාලනය කරගන්න බැරුව උනවටුනට කිට්ටු නිසා වුන නස්පැත්තියක් වෙන්න බැරිද ඒකත්...... :lol:
Reply | Reply with quote | Quote
 
 
# Namila 2010-07-29 23:18
:lol: :lol: ekath sure ne ??
lankawe ara keys 3k tiyenawa kiyana eka attada? eken mulu wishwaye doratuwa araganna puluwan kiyanne :o
Reply | Reply with quote | Quote
 
 
# hasantha848 2010-08-16 15:15
මෙහෙන් රත්තරන් 10000kg විතර උඩහට අරන් ගිහින් විකුණුවොත් වාසී නේද?
Reply | Reply with quote | Quote
 

Add comment


Related Articles