මුල් පිටුව ග්‍රහණය පිළිබඳව සජීව විකාශය භාෂා මාධ්‍ය > EnglishSinhaleseTamil
2010 වසරේ වැදගත්ම තාරකාවිද්‍යාත්මක සිදුවීම වන වලයාකාර සූර්ය ග්‍රහණය ජනවාරි මස 15වන දින සිදුවීමට නියමිතය. මෙම සිදුවීම අප්‍රිකානු රටවල් වන චැඩ්, මධ්‍යම අප්‍රිකාව, කොන්ගෝ, උගන්ඩා, කෙන්යා සහ සෝමාලියාව යන රටවලට සහ මාලදිවයින, ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාව, බංගලාදේශය, බුරුමය සහ චීනය යන ආසියාතික රටවලටද දර්ශණය වේ.

ශ්‍රී ලංකාවේ නම්, යාපනය අර්ධද්වීපය ආසන්න ප්‍රදේශ වලට හොඳින්ම දර්ශණය වන මෙම සූර්යග්‍රහණය විනාඩි 10කුත් තප්පර 18කින් යුත් ග්‍රහණ කාලයකින් සමන්විත ය. ග්‍රහණයේ ප්‍රථම ස්පර්ශය පෙ.ව. 11.18ට පමණ ආරම්භ වන අතර සැබැවින්ම ග්‍රහණය ආරම්භ වන්නේ ප.ව. 1.20ට පමණ ය. යාපනය, කිලිනොච්චි, වව්නියා සහ අනුරාධපුරය ආශ්‍රිත ජනතාවට වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස දර්ශණය වුවද කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය ඇතුලු ආසන්න සෙසු ප්‍රදේශ වලට දර්ශණය වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ය.

මෙම විශේෂ අවස්ථාව සෑම දෙනෙකුටම විඳගැනීමේ අවස්ථාව සලසමින් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් අනුග්‍රහයෙන් skylk වෙබ් අඩවිය, ශ්‍රී ලංකා තාරකාවිද්‍යා සංගමය, රාජකීය විද්‍යාලයේ තාරකාවිද්‍යා සංගමය සහ තවත් ලාංකික සංගම් රැසක එකමුතුවෙන් අන්තර්ජාලය හරහා සජීවී විකාශයක් skylk.com හි අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

ජනවාරි 15වන දින eclipse.skylk.com ඕසසේ අප හා සජීවීව එක්වන්නට ඔබට ඇරයුම්...


Some rights reserved | www.skylk.com