![]() |
| මුල් පිටුව | ග්‍රහණය පිළිබඳව | සජීව විකාශය | භාෂා මාධ්‍ය > |
1955 වසරේ දර්ශණය වූ පූර්ණ සූර්යග්‍රහණයට දශක කිහිපයකට පසුව දර්ශණය වන මීළඟ දැවැන්තතම සූර්යග්‍රහණය ජනවාරි 15වන දින සිදුවේ. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පමණක් වළයාකාර සූර්යග්‍රහණයක් ලෙස දර්ශණය වන මෙය සෙසු ප්‍රදේශ සඳහා දර්ශණය වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ය. ඔබ මෙම සිදුවීම නිරීක්ෂණය කිරීමට සූදානම් නම් යාපනය, කන්කසන්තුරේ, තලේ මන්නාරම, කල්පිටිය, අනුරාධපුර, ආණමඩුව හෝ එප්පාවල යන ප්‍රදේශ තෝරාගත යුතු ය. යාපනය ප්‍රදේශය සඳහා ග්‍රහණය පෙ.ව. 11.18ට ආරම්භ වන අතර ප.ව 3.11ට පමණ අවසන් වේ. ග්‍රහණයේ උච්චතම අවස්ථාව ප.ව. 1.20ට පමණ සිදු වේ. උතුරු ප්‍රදේශයේ වෙනත් නගර සඳහා මෙම වේලාවන් තප්පර කිහිපයකින් වෙනස් විය හැකි ය.
යාපනය සඳහා ග්‍රහණය සිදුවන ආකාරය කොළඹ සහ අනුරාධපුරය සඳහා ග්‍රහණය සිදුවන ආකාරය |
| Some rights reserved | www.skylk.com |